ලෝකාන්තය පාමුල ගින්නක්


බදුල්ල බලන්ගොඩ පාරේ මරන්ගහමුල දැව සංස්ථාව අසල ගින්නකින් වලව නිම්න රක්ෂිතයේ හෙක්ටයාර් 15ක් දැවී ඇතැයි ද ගින්න ලෝකාන්තය පාමුල දක්වා විහිදෙන ලකුණු ඇතැයි ද වන නිලධාරී අජිත් ජයසිංහ මහතා කියයි. හුළඟ නිසා ගින්න වේගයෙන් පැතිරෙන බවත් ඔහු කියයි.