ලෝකයේම කොරෝනා ආසාදිත සංඛ්‍යාව - 162,201 යි


කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය මේ දක්වා ලෝකයේ රටවල් 156 ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබේ.

මාර්තු මස 15 වැනිදා ග්‍රිනිජ් මධ්‍යම වේලාවෙන් දහවල් 1.00 වන විට තිබූ තත්ත්වය අනුව කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 162,201 ක් වූ අතර මරණ 5974 ක් වාර්තා වී තිබිණ.  රෝගීන් 75,967 ක් සුවය ලබා තිබිණ.