ලෝක සෞඛ්‍ය සැසියක සත්කාරකත්වය ලංකාවට


(අංජුල මහික වීරරත්න)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රට වලින් සමන්විත කලාපයේ 78වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

එම සමුළුව හෙට(13) සිට 15  දක්වා  කොළඹ දී පැවැත්වේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ යන මහත්ම මහත්මීන් ඇතුළු රටවල් 8 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් තානාපතිවරු ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ  විශේෂඥයෝද මෙම සැසිය සදහා සහභාගී වෙති.

 ඔවුන් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය ද මෙහි දී සකස් කරනු ඇත.

ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහදුම්කොළ වලට එරෙහිව සටන් කිරීම මෙම කලාපීය කමිටු සැසියේ දී සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන ප්‍රමුඛතා වේ.