කොරෝනා වයිරස වසංගතයට එරෙහි ගෝලීය සටනට නායකත්වය දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි එම සංවිධානය පවසයි.
මෙය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එම සංවිධානයේ කාර්යාලයෙන් රෝගීන් වාර්තා වූ පළමු අවස්ථාවයි.
මීට පෙර ජිනීවාහි එක්සත් ජනපද කාර්යාලයෙන් සහ ලෝක වෙළඳ සංවිධානයේ කාර්යාලයෙන් සේවකයන් දෙදෙනකු ආසාදනය වී ඇති බව වාර්තා විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය, කාර්ය මණ්ඩලය සහ උපදේශකයින් 2,400 ක් පමණ සේවය කරන ස්ථානයකි.
වෛරසය සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා මේ වනවිට බොහෝ දෙනා නිවසේ සිට කටයුතු කරමින් සිටින බව එම සංවිධානය පවසයි.
ස්විට්සර්ලන්තයෙන් රෝගීන් 2,200 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හමුදා සාමාජිකයින් 8,000 ක් යොදාගැනීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

