අන්තර්ජාතික කැරම් සම්මේලනය සහ මැලේසියානු කැරම් සංගමය එක්ව සංවිධානය කළ 6 වැනි ලෝක කැරම් සම්මේලන කුසලාන කැරම් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ (පිරිමි/කාන්තා) අනුශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කැරම්
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වුහ.
ලෝක කැරම් ශූරතාවලියට පමණක් දෙවැනි වන මෙම තරගාවලියේදී වත්මන් ලෝක ශූරයන් වන ඉන්දියාව සහ අනුශූරයන් වන ශ්‍රී ලංකාව අතර සමස්ත ශූරතාව සඳහා තියුණු සටනක් දැක්වුණි.
තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ ශූරතාව මෙන්ම විවෘත ඉසව්වල රන් සහ රිදී පදක්කම් (පිරිමි/කාන්තා) ඉන්දියාව දිනා ගැනීම කැපී පෙනේ. පිරිමි කණ්ඩායම් ඉසව්වේ තුන්වැනි ස්ථානය මාලදිවයිනට ද, සිවුවැනි ස්ථානය පාකිස්තානයට ද හිමිවිය. මාලදිවයින සහ මැලේසියාව පිළිවෙලින් කාන්තා කණ්ඩායම් තරගාවලියේදී තෙවැනි සහ සිවුවැනි ස්ථාන ලැබීය.
මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී පැවැති මෙම තරගාවලියේ සියලූ ගෞරවය දකුණු ආසියානු රටවල් හිමිකර ගත්තේය.
විවෘත පිරිමි කේවළ ඉසව්වේ ලෝකඩ පදක්කම නිශාන්ත ප‍්‍රනාන්දු දිනාගත් අතර නිශාන්ත සහ චමිල් කුරේ පිරිමි යුගල ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගැනීමට සමත්වුහ. නිශාන්ත ප‍්‍රනාන්දු අවසන් පුර්ව තරගයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ඉන්දීය ක‍්‍රීඩක ප‍්‍රකාශ් ගයික්වාල්ඞ් හමුවේ පරාජයට පත්විය.
ලෝක ශූර ඉන්දීය ක‍්‍රීඩක යෝගේෂ් පර්දේශී හමුවේ පරාජය ලැබු ජාතික ශූර චමිල් කුරේ විවෘත පිරිමි ඉසව්වේදී සිවුවැනි ස්ථානයට පත්විය. එම්. ෂෙරිෆ්ඞීන්ට හිමි වුයේ 7 වැනි ස්ථානයයි.
මධුෂිකා කාංචනමාලා සහ ජෝශප් රොෂිටා විවෘත කාන්තා යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්හ. විවෘත කාන්තා කේවළ ඉසව්වේදී මධුෂිකා කාංචනමාලා, ජෝශප් රොෂිටා, චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ යන ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පිළිවෙලින් පස්වැනි ස්ථානයේ සිට අට වැනි ස්ථානයට පත්වුහ.
ලෝක කැරම් සම්මේලන කුසලාන තරගාවලියට සමගාමීව පැවැති ස්විස් ලීග් කැරම් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට චමිල් කුරේ සමත්විය. යුරෝපයේ ජනප‍්‍රිය මෙම කැරම් ක‍්‍රීඩා ක‍්‍රමවේදයේ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ එක්ව තරග වදිති. ඉන්දීය කී‍්‍රඩක රාද ක‍්‍රිෂ්ණා රන් පදක්කම දිනාගත් අතර ඉන්දීය කී‍්‍රඩිකා කවීතා සොමන්ජි ලෝකඩ පදක්කම ලැබීය.
