ලෝක මේස පන්දු කණ්ඩායම් තරගාවලියේදී පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට
ජර්මනියේ, ඩොට්මුන්ඞ් නගරයේ පැවති ලෝක මේස පන්දු කණ්ඩායම් තරගමාලාවේ පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායම පෙරේදා (9) දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ ප‍්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චන්දන පෙරේරා මහතා ඇතුලූ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.
රොහාන් සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායමට නිර්මල ජයසිංහ සහ දිනේෂ් දේශප‍්‍රිය ඇතුළත් වූහ.
ජර්මන් ක‍්‍රීඩා සමාජ 5ක් සමග ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් තරග වැදුණු අතර එම තරගවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලූම තරග ජයග‍්‍රහණය කළ අතර පිරිමි කණ්ඩායම තරග 4ක් ජයග‍්‍රහණය කර එක් තරගයකින් පරාජය විය.
මෙම කණ්ඩායම් දෙකෙහි තරග සංචාරය සඳහා ගුවන් ප‍්‍රවේශපත් සඳහා මුදල් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් බලාපොරොත්තු වුවද එම මුදල අනුමත නොවීම නිසා ගුවන් ප‍්‍රවේශපත් ලබාගැනීමට රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් ණය වෙමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සහභාගි කරවීමට සිදුවූ බව ශ්‍රී ලංකා මේස පන්දු සංගමය පවසයි.

