
(යොහාන් භාසුර)
අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) වාර්ෂිකව නම් කරන ලෝක ටෙස්ට් කණ්ඩායමේ මෙම වසරේ (2021) නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.
මෙම වසරේ දැක්වූ දස්කම් අනුව එම කණ්ඩායම නම් කරන අතර ශ්‍රී ලංකාවෙන් දිමුත් පමණක් එම කණ්ඩායමට ඇතුළත්ව සිටියි. මෙම වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයන් සිවුදෙනෙක් සහ පාකිස්තානු ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළත්ව සිටිති.
අන්තර් ජාතික ක්‍රිකට් සභා ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (පන්දුවට පහර දෙන පිළිවෙල අනුව):
1. රෝහිත් ශර්මා (ඉන්දියාව)
2. දිමුත් කරුණාරත්න, (නායක - ශ්‍රී ලංකාව)
3. මානස් ලබුෂේන් (ඕස්ටේ්‍රලියාව)
4. ජෝ රූට් (එංගලන්තය)
5. ෆවාඩ් අලාම් (පාකිස්තානය)
6. රිෂාබ් පාන්ට් (ඉන්දියාව)
7. රවිචන්ද්‍රන් අෂ්වින් (ඉන්දියාව)
8. කයිල් ජැමීසන් (නවසීලන්තය)
9. අක්ෂාර් පටෙල් (ඉන්දියාව)
10. හසන් අලි (පාකිස්තානය)
11. ශහීන් ෂා අෆ්රිඩි (පාකිස්තානය)

