ලෝක කුසලානය අතරේ ක්‍රිකට් තරුදෙකක් ගල්කිස්ස හෝටලයේදි අතිනත ගනිති


ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත්වෙන 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටින අතරතුරේදී එංගලන්ත ගෘහස්ථ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායක නාව් පටෙල් සහ එරට ගෘහස්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකා මැලෝරි බාර්ටොෂ් අද විවාහ ගිවිස ගත්හ.

සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද  ඉදිරියේ නව යුවළ ගල්කිස්ස මහ හෝටලයේදී මංගල මුදු මාරු කරගත් අවස්ථාව 2025 ලෝක ගෘහස්ත ක්‍රිකට් තරඟාවලිය තලවතුගොඩ ඕස්ට්‍රේෂියා  ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ දිනවල පැවැත්වේ. 

(ප්‍රසංග සිල්වා)