ලෝක කුසලාන රග්බිතරගාවලියේ අවසන් මහ තරගයට නවසීලන්තය


නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවරදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 20 - 06 ක් ලෙස පරාජය කරමින් ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේය. නවසීලන්ත කණ්ඩායම සහ ප‍්‍රංශ කණ්ඩායම අතර අවසන් මහ තරගය මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.