ලොව හොඳම නිරූපණ ශිල්පියාට ගමෙන් හරසර


(කාංචන කුමාර ආරියදාස)

ලොව රටවල් 174 ක් අතරින් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියා ලෙස ශ්‍රී ලංකාවේ ජනුක රාජපක්ෂ ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2017 වසරේ ලෝක හොඳම නිරූපණ ශිල්පී තරගාවලියේ දී ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ නිරුපණ ශිල්පී ලෝක තරගාවලියකින් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානයක් හිමි  වූ ප්‍රථම අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති.

මෙසේ  පැරිස් නුවර පැවතී නිරූපණ ශිල්පී තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ගලේවෙල නගර මධ්‍යයේ පදිංචි ජනුක රාජපක්ෂ මහතායි.

පසුගිය 13දා ලංකාවට පැමිණි ඔහු අද(14) ගමට පැමිණි අතර ප්‍රදේශවාසීන් මෙන්ම වෙළෙඳ ප්‍රජාව එක්ව ඔහු උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.