ලොව පුරා කොරෝනා රෝගීන් 336,000යි


කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ගෝලීය බලපෑම (අද (23) පස්වරු 4.45 වනවිට) මෙසේය.
 

  • තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 336,000 ඉක්මවා ඇති අතර ඉන් 250,000කට වැඩි සංඛ්‍යාවක් ඇත්තේ චීනයට පිටස්තර රටවලිනි. (චීනයේ කොරෝනා ආසාදනය වූ 98,334ක් මේ වනවිට සුවය ලබා ඇත.)         
  • 2020 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ කල්දැමිය හැකි බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය. අවසන් තීරණය සති හතරක් තුළ ප්‍රකාශයට පත් කරනු ඇත.         
  • නිව්යෝක් නගරය දින දහයක් ඇතුළත දැඩි වෛද්‍ය සැපයුම්වල හිඟයකට මුහුණ දෙනු ඇතැයි අද අනාවරණය විය.      
  • ආසාදිතයන්ගේ ගණන වැඩි වීමත් සමඟ ආපනශාලා, රංගශාලා, සිනමාශාලා, අවහන්හල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමට ඔස්ට්‍රේලියාව පියවර ගත්තේය. 

(වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් ඇසුරිනි)

 
055