ලොව පසු බසිද්දී ලංකාව පෙරමුණේ


ලෝක ආර්ථිකය විශාල පසුබෑමකට පත්ව තිබියදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 8.3ක ඉහළ ප්‍රගතියක් ලබා ගැනීම පිළිබඳව අපට අවංකවම සතුටු විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ජනාධිපති එසේ පැවසුවේ 62වැනි වාර්ෂික මහා බැංකු වාර්තාව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනපතිට පිළිගන්වනු ලැබීමෙන් අනතුරුවය. අප ලබාගත් ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත සාධාරණ වන ආකාරයට ගලා යන තත්ත්වයට පත් කිරීම අපගේ වගකීමක් බවත්, දශක තුනක් පැවැති යුද්ධය අවසන් කිරීම නිසා මෙසේ ආර්ථික ප්‍රගතියක් ලත් බවත් ජනාධිපති පැවැසීය.