ලොරියක් හිරිවඩුන්න ඇළට යයි


හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මීගස්වැවදී හිරිවඩුන්න ඇළට අද (24) අලුයම ලොරි රථයක් පෙරලී එහි ගමන් ගත් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.

කටාන ප්‍රදේශයේ සිට මඩකලපුවට මැටි පිළිම ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ දිනේෂ් කුමාර නමැති 20 හැවිරිදි තරුණයෙකි .

ලොරි රථයට බරපතල හානි සිදුවී ඇති බවත් රියදුරාට නින්දයාම අනතුරට හේතුවන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.

hiriwadunna_2015924712 hiriwadunna_2015924713 hiriwadunna_2015924714 hiriwadunna_2015924715 hiriwadunna_2015924716 hiriwadunna_20159247178 hiriwadunna_20159247179