ලොරිය වහලෙට වැටෙද්දී නිවැසි කාන්තාව දිවිබේරාගනී


(නිශාන්ත කුමාර)

මීගහකිවුල උඩරඹුක්කැටිය ගම්මානය වෙත අද (12) පස්වරුවේ සිමෙන්ති  තොගයක් රැගෙන ගොස් ආපසු එමින් තිබූ ලොරි රථයක් අඩි 75 ක්  පමණ පහළින් වූ ප්‍රපාතයක පිහිටි නිවසක වහලයක් මතට කඩා වැටී අනතුරට ලක්ව ඇති අතර ඒම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් පිටතට පැන දිවි ගලවාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය වන අවස්ථාවේ ලොරිය කඩා වැටුණු නිවසේ සාලයේ සිටි කාන්තාවක් ලොරිය පෙරළෙන හඬ ඇසී නිවසින් පිටතට පැන දිවි ගලවා ගෙන ඇත.

අනතුරින්  ලොරි රථයට හා නිවසේ වහලයට ,බිත්ති වලට හා ගෘහ භාණ්ඩ වලට බරපතල හානි සිදුව ඇත.

ලොරි රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය කියයි.