ලොරි රියැදුරුට පහරදුන් කොස්තාපල් රිමාන්ඩ්


පන්නිපිටියේදී ලොරි රථ රියැදුරකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ කොස්තාපල්වරයා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත්  ප්‍රසන්න අල්විස් මහතා අද (30)  නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ  මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වූ අයි.රිෆාන්ඩ් යන අයයි.