ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිගේ නඩුව සංශෝධනයට පියවර


(මනෝප්‍රිය ගුණසේකර )
 
ජාතික ලොතරැයි මණ්ඩලයේ  ටිකට්පත්  අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා  පුද්ගලික සමාගමක් සමඟ  ඇති කරගෙන තිබු ගිවිසුම අනුව කටයුතු නොකිරීමෙන්  රජයට රුපියල් මිලියන 64 ක පාඩුවක් සිදු කළ බවට ජාතික ලොතරැයි මණ්ඩලයේ  හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සංශෝධනයට පියවර ගන්නා බව  අල්ලස් කොමිසම වෙනුවෙන්  පෙනී සිටි  සහකාර නීතී අධ්‍යක්ෂ ගංගා හෙයියන්තුඩුව මහත්මිය අද (04)  කොළඹ ප්‍රධාන  මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
 
 ඒ අනුව අදාළ සංශෝධිත චෝදනා පත්‍රය ජුනි මස 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අධීකරණයට නියම කළේය.