(ඩයනා උදයංගනී)
ලොතරැයියක් අලෙවිය වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල ශත 50 කින් වැඩි කිරීම සඳහා මේ ව්න් විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය.
මෙහි තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශය හා ලොතරැයි මණ්ඩල අතර අනිද්දා පැවැත්වෙන බවද ඇය සදහන් කළාය .
ඇය මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවති සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ පළමු සම්මේලනය අමතමිනි.
ජනාධිපතිවරයා නියෝජිතය කරමින් මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අලෙවි නියෝජිතයන්ට ලැබෙන රුපියල් 3.50 ක කොමිස් මුදල වුව නිසි ලෙස කළමනාකරණය කරන්නේ නම් දියුණු වීමට එය ප්‍රමාණවත් බවයි.
ඇතැම් අලෙවි නියෝජිතයන් මෙම ප්‍රකාශයට විරෝධය දැක්වූ අතර ඔවුන් පැවසුවේ එම කොමිස් මුදලින් රුපියල් 2.50 ක් අලෙවි කරන්නන්ට ලබාදෙන නිසා තමන්ට ඉතිරි වන්නේ රුපියලක් පමණක් බවයි.
එබැවින් ශත 50 කින් තම කොමිස් මුදල වහා වැඩි විය යුතු බවද ඔවුහු පැවසූහ.

