රුපියල් 26 ලක්ෂයක් වටිනා කාරයක් කොළඹ සුප්‍රසිද්ධ සමාගමක ලොතරැයි දිණුමක ප්‍රථම ත්‍යාගය ලෙස දිනා ඇතැයි ගලේවෙල බුලන වැව ගොවියකුගෙන් රුපියල් 140000ක් වංචා කළ බව කියන පුද්ගලයකු සොයා ගලේවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ලියාපදිංචි ගාස්තු වශයෙන් මේ මුදල බැංකුවකට යැවූ පසු දුරකතන ඇමතුම දුන් අංකය ද අක්‍රීය වී ඇතැයි ඔහු පොලීසියට කියා ඇත.
පසුගිය කාලයේ මෙවැනි වංචා රැසකටම කිහිපදෙනක් ගොදුරු වූහ.
මෙවැනි වංචාවලට හසු නොවන්නැයි පොලීසිය මහජනයාට උපදෙස් දෙයි.

