මෙවර රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය වුණේ තිසුරි යුවනිකා ශිල්පිනියයි. ජනක සුරංජිත් අධ්‍යක්‍ෂණය කළ ”බොරළු පාර” නාට්‍යයේ ”සමාධි” නමින් රඟපෑ චරිතය වෙනුවෙන් තිසුරි එලෙසින් සම්මාන ලැබුවාය. මවගේ අඩිපාරේ යමින් රංගනයට පිවිස සිටින තිසුරි හොඳම නිළියට හිමි සම්මානය ලැබූ ලාබාලතම ටෙලි ශිල්පිනිය ලෙස හැඳින්විය හැකිය. ඒ සම්මානයේ උරුමය රැගත් ඇය සඳැල්ලට පැමිණි මොහොතකි මේ.
හොඳම නිළියවීම, මොකද හිතෙන්නෙ ඒ ගැන?
ඕනෑම ශිල්පිනියකගේ සහ ශිල්පියෙකුගේ අරමුණ වන්නේ කවදාහරි හොඳම සම්මානය ලබාගැනීමයි. මම පොඩි කාලයේ ඉඳලාම රඟපෑමට පිවිස සිටිනවා. නමුත් මේ වයසේ දී මේ වගේ සම්මානයක් ලැබීම මට ලොකු සතුටක්.
මේ විදියට සම්මානයක් ලැබේවි කියලා ඔබ විශ්වාස කළා ද?
සම්මාන බලාගෙන නොවෙයි රංගනයට එක්වන්නෙ. නමුත් ඕනෑම රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක තමාගේ දක්‍ෂතාවයට වටිනාකමක් ලැබීම අපේක්‍ෂා කරන දෙයක් ඒත් ලංකාවේ පවතින ක‍්‍රමය අනුව ඒ වටිනාකම ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ.
ඒ කියන්නේ සම්මාන ප‍්‍රදානය කිරීම ගැන විශ්වාසයක් නැද්ද?
මොන ප‍්‍රමිතියකට ද ඒ සම්මාන ප‍්‍රදානය වෙන්නේ කියන ප‍්‍රශ්නය තියෙනවා. සමහර සම්මාන ප‍්‍රදානයන් සිදුවන්නේ අමුතු විදියටයි. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු තියා ගන්න බැහැ. ඒ නිසා අපට තියෙන්නේ දුන්නොත් සම්මානය ගැනීම විතරයි. හැබැයි රඟපාන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නොවෙයි. කවදත් චරිතයට සාධාරණය කිරීම අරමුණයි. ඒ ලැබෙන නොලැබෙන සම්මානවලට වඩා අපට තියෙන ලොකුම සම්මානය පේ‍්‍රක්‍ෂක ජනතාවගේ සම්මානයයි. ඒ අය අපට දක්වන පිළිගැනීම අනුව අපි ඉදිරියට යාවි.
”බොරළු පාර” සමාධි ගැන හිතෙන්නෙ කොහොමද?
ඒක බොහොම සැහැල්ලූවෙන් කළ නිර්මාණයක්. ඒ නිසාම වෙන්න ඇති මෙච්චර ආදරයෙන් පේ‍්‍රක්‍ෂකයින් එය වැළඳ ගන්න ඇත්තෙ. සමාධි කියන්නේ අම්මා තාත්තාගේ වෙන්වීමත් එක්ක ලොකු පීඩනයකින් සිටි දරුවෙක්. ඒ ස්වරූපය ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යක්‍ෂවරයාගේ සිට මේ නාට්‍යයට සම්බන්ධ සමස්ත කාර්ය මඬුල්ලේ දායකත්වය ලැබුණා. සමාධිට ලැබුණු සම්මානයේ උරුමය ඒ හැමෝටමයි.
මේ සම්මානය ලැබෙන බව ඔබ කලින් දැනගෙන හිටියාද?
නිර්දේශ වී ඇති බව විතරයි දැනගෙන හිටියේ.
ඒ මොහොතේ ඔබගේ නම ප‍්‍රකාශ වුණාම?
ඒක ඇත්තටම හරි අපූරු අවස්ථාවක්. ලොකුම සතුටක් වුණා. මේ වාගේ සම්මානයක් කවදාහරි ගන්නවා කියන අරමුණ මට තිබුණා. මට වඩා මේ ගැන සතුටු වුණේ මගේ අම්මා සහ තාත්තායි.
සම්මානය ලැබුණාට පස්සේ එය ගිහින් කාටද දුන්නේ? විශේෂ කෙනෙක් අතට දුන්නා නේද?
මගේ ජීවිතයේ විශේෂම දෙදෙනා අම්මා සහ තාත්තා. සම්මානය ඒ දෙන්නා අතට දුන්නෙ. මොකද මටත් වඩා මේ ගැන සතුටු ඒ දෙන්නා බව මම දන්නා නිසයි. අද මම මෙතැන ඉන්නේ එයාලා දුන්න සහයෝගය නිසයි. ඒ වගේම මේ දක්වා රංගනයේ දී මාත් එක්ක සිටි හැමෝටම මම ගෞරව කරනවා. මොකද රඟපෑම එක්කෙනෙක් කළාට එය සාමූහික පිරිසකගේ ප‍්‍රයත්නයක්. මට මේ වයසේ දී මෙවැනි සම්මානයක් ලැබුණේ ඒ සියලූ දෙනාගෙන් ලද සහයෝගය නිසයි.
තවත් විශේෂිත කෙනෙක් මේ නිසා සතුටු වුණා නේද?
ඒ විශේෂිත දෙදෙනා අම්මාxතාත්තා තමයි. එයාලා අවංකව සුබ පැතුවා. ඒ වචන මට හරියට දැනුණා. ඒ ආශිර්වාදය මට දැනුණා.
ඒ හැර ඔබගෙ ජීවිතයට සමීප වෙන කෙනෙක් නැද්ද?
තවම නැහැ. ඒකට තව වයස තියෙනවා.
තව කොච්චර කල්ද?
දැන් මගේ වයස අවුරුදු 23යි. විසිපහ විසිහය වෙද්දී ඒ ගැන හිතනවා. අම්මා තාත්තාවත් තවම ඒ ගැන හිතලා නැහැ. තව කාලයක් කලාවේ නිරත වෙන්න ඕනෑ.
ඔබගේ දවසේ කටයුතු ගෙවෙන්නේ මොන විදියට ද?
දවසම ගෙදර ඉන්න හරි ආසයි. රූගත කිරීම් අතරේදී වුණත් දිනක්xදෙකක් විවේක අරගෙන දුවගෙන එන්නෙ ගෙදරට. ගෙදර මගේ කාමරය තමයි ලොකුම නිදහස තියෙන තැන. ඒ නිදහසට මම හරි ආසයි. අම්මාට උයන ඒවාටත් උදව් කරනවා. සරලව සැහැල්ලූවෙන් ජීවත්වන කෙනෙක්. ගෙදර ඉන්නවා නම් උදේට තේ එක ඕනෑමයි. ගෙදර සිටින දිනවලදී අම්මා තේ එක හදලා දෙනවා. අම්මා මහන්සි වෙලා සිටින දවස්වලට මම අම්මාට තේ හදලා ගෙදර කටයුතු කරනවා.
ක්‍ෂේත‍්‍රයේ යෙහෙළියෝ යහළුවෝ කවුද?
පාසල් කාලයේ සිටම හොඳම මිතුරිය අම්මා. ඒ හැර පාසල් කාලයේ සිටම ”දිනේත‍්‍රා” මගේ හොඳම මිතුරියක වී සිටිනවා.
ඔබ ඔබගේ අඩුපාඩු ලෙස දකින්නේ?
ටිකක් තරහා යනවා. හොඳට හොඳයි. බොරු කරන හෝ රවට්ටන අයට මම කැමති නැහැ. කපටිකමට කවුරුවත් මම ආශ‍්‍රය කරන්නෙ නැහැ.
තරහා ගියාම මොකද කරන්නෙ?
රණ්ඩු කරන්න යන්නේ නැහැ. තනියම එය විඳ දරාගෙන ඉන්නවා. නමුත් මම අහිංසකම නැහැ. අසාධාරණයේ දී නැගී සිටින චරිතයක්.
හොඳම දේ හැටියට ඔබ දකින්නේ?
ඕනෑම කෙනෙකුට අමතකවීම. ඊර්ෂ්‍යාව කියන දේ මට කරන්න බැහැ. කියන්න තියෙන දේ මුහුණටම කියන කෙනෙක්. බොරුවට හිනාවෙන කෙනෙක් නොවෙයි මම.



