ලොකුම අල්ලසේ රේගු ලොක්කෝ රිමාන්ඩ්


රුපියල් කෝටි දොළහ හමාරක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝක කළේය.

රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා යන අය එසේ රිමාන්ඩ් කළ අතර ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලා ඇතැයි කොමිසම කියයි.

_DSC0258sddf _DSC0217_DSC025156

_DSC0132 _DSC0134 _DSC0170 _DSC0128dwd

(ජායාරූප හා විඩියෝ - ඉෂාන් සංජිව)