ලොකුගේගේ දිව ‍බොරු නොකියයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ජයපතමින් සෙනසුරාදා ගාමිණී ලොකුගේ මහතා බස්නාහිර පළාතේ රැස්වීමකදී පැවසූයේ ලබන 17 වැනිදා ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට බලාසිටින බවයි.

රැස්වීමේ සිටි අය ඔහු නිවැරදි කළහ. ඉන්පසු ලොකුගේ මහතාද වරද පිළිගත්තේය. ‘මට වැරදුණා. මහින්ද දිනවන්නයි ජනතාව සූදානමින් ඉන්නේ‘ යැයි කියමින් ඔහු කථාව හමාර කළේය.

ලොකුගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ කලක් මැති ඇමැතිකම් දැරූ අයෙකි.