ලොකු ලූනූ කිලෝවකට රුපියල් 80ක සහතික මිලක්


( නිමල කොඩිතුවක්කු)
දේශීය බී ලූනූ ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ලොකු ලූනූ  බීජ කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 80ක සහතික මිලකට ලබාදීම ඇතුළු විශේෂ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ලොකු ලූනූ බීජ කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 80ක සහතික මිලක් ලබා දීමටත්ල ලොකු ලූනූ සඳහා පොහොර සහනාධාරයක් ලබාදිමටත් රුපියල් 40ල000ක රක්ෂණාවරණයක් ලබා දීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙයට අමතරව ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය ලොකු ලූනූ බීජ සියයට 50 පදනම මත ලොකු ලූණු වගාකරන ගොවි මහතුන්ට ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවළක් ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.