ලොකු ලූනු මිලට ගන්න වට මනී


(කාංචන කුමාර ආරියදාස)

ලොකු ලූනු මිලදී ගැනීම සඳහා එක් ගෙඩියක විෂ්කම්භය මිලි මිටර් 35 - 65 විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් ගොඩි අටකින් සම්පූර්ණ කළ යුතුයි යන ප්‍රමිතියක් නිකුත් කිරීම නිසා ලූනු අලෙවියෙන් ඉවත් ව සිටි බව ලූනු ගොවීහු පිරිසක් පැවැසූහ.

දේශීය ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ලංකා සතොසන් ලොකු ලුණු මිලදී ගැනීම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ද ආරම්භ කොට ඇති බවට විශාල දැන්වීම් පුවරුවක් දමා ඇත. ලූනු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ බහාරය අලස ස්ථාපිත කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සේවක මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ පැවැසීය.

එකදු ලූණු ගෙඩියක් හෝ ගොවීන් ගෙනවිත් දුන්නේ නැහැ . පසුගිය කාලයේ ලොකු ලූනු අස්වැන්න යම් ප්‍රමාණයක් මිලදී ගත්තා.  එක් ගොවියකුගෙන් ලොකු ලූනු කිලෝ 2000ක් පමණ මිලදී ගන්නවා. එසේ මිලදී ගන්නේ සතොස ලබාදී ඇති නිර්නායකවලට අනුවයි. එසේ නොවන ලොකුළුණු මිලදී ගන්නේ නෑ

අර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල රුපියල් 90ක් වශයෙන් සටහන් විය.