ලොකු ලූනු කිලෝව 150 යි


(මහින්ද නිශ්ශංක)

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙයට පෙර ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල පැවතියේ රුපියල් 190 ක් ලෙසය.

මේ අතර පරිප්පු කිලෝව රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ප්‍රමාණයේ ටින් මාලු කෑන් රුපියල් 100 කට හා ලොකු ලුනු කිලෝව රුපියල් 150 කට ද ලංකා සතොස අලෙවිසල් මගින් අද (18) සිට මිලදී ගත හැකි බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.