ලොකු ලූනු කිලෝ ලක්ෂ 4ක් එයි


(මහින්ද නිශ්ශංක)

වෙළඳපොළේ මෙතෙක් පැවති ලොකු ලූනු හිඟය මගහරවමින් ඉන්දියාවෙන් ලොකු ලූනු කිලෝ ලක්ෂ 4ක් ඊයේ(17) රාත්‍රියේ ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි  පිටකොටුව තොග වෙළඳුන්ගේ සහ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉලමනාදන් මහතා පැවසීය.

ඉන්දියානු රජය විසින් එරට ලොකු ලූනු අපනයන තහනම ඉවත්කිරීමෙන් පසු මෙරටට ලැබුණු පළමු තොගය මෙයයි.

ඉදිරියේදී අඛණ්ඩව ලොකු ලූනු තොග මෙරටට ලැබෙන බවද ඉලමනාදන් මහතා පැවසීය.