ලොකු මාළුවා ගැට කිඹුලෙක්


පානදුර නල්ලූරුවේ මුහුදු වෙරළේ ධීවරයකුගේ දැලට අඩි හයක පමණ ගැට කිඹුලෙක් පැටළී ආවේය.  

දැලට ලොකු මාළුවකු අසුවුණ බව ධීවරයෝ සිතූහ. කිඹුලා දුටුවේ දැල වැල්ලට ගත් පසුය. තල්පිටිය ඇලේ මේ කිඹුලා පසුගිය ගංවතුර සමයේ මුහුදට ගසාගෙන යන්නට ඇතැයි අනුමාන කෙරෙයි. පොලීසිය මගින් කිඹුලා වනජීවී නිලධාරීනට බාර දීමට නියමිතය.