ලොකු ජලාශ පනහක් උතුරයි


(සුජිත් හේවාජුලිගේ )

අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ පනහකට ආසන්න සංඛ්‍යාවක් වාන් දමන මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව  පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරන ඒකකයේ අධ්‍යක්ෂිකා සුදර්ශනී විදානපතිරණ   මහත්මිය පැවසුවේ ප්‍රධාන ජලාශවල සමස්ත ජලධාරිතාව  සියයට  80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මල්වතු ඔය ආශ්‍රිත ජනතාවට දැනුම් දෙයි.