බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුළු එහි නියෝජිතයන් 13 දෙනෙකු මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් පුරප්පාඩු වූ මහ ඇමති ධූරය ඇතුළු අනෙකුත් තනතුරු ලබාගැනීම සඳහා එහි මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු අතර දැඩි තරඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
විශේෂයෙන් එහි ප‍්‍රධාන අමාත්‍ය ධූරය ලබා ගැනීම සඳහා පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, උපාලි කොඩිකාර, රංජිත් සෝමවංශ යන මහත්වරුන් අතර සිව් කොන් සටනක් පවතින බව පළාත් සභාවේ ප‍්‍රකාශකයෙක් කීවේය
මීට අමතරව නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තු යාමෙන් හිස්වන බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රවාහන ක‍්‍රීඩා තරුණ කටයුතු සමූපකාර කටයුතු ධීවර හා සංචාරක කටයුතු අමාත්‍යධූරයත් සිසිර ජයකොඩි මහතා ඉවත්වීමෙන් හිස්වන ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ධූරය හා හර්ෂණ රාජකරුණා මහතා ඉවත්වීමෙන් හිස්වන විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරය ලබාගැනීමට ද ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලීම් කරමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් වේ.

