(එච්. චන්දන)
නිවසේ ඇතිවු බහින් බස්වීමක් දුරදිග ගොස් සිය ලේලියට පිහියෙන් ඇණ ඝාතනය කළ මාමණ්ඩියට මරණ දඩුවම නියම කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍යය කාන්ත මද්දුමපටබැදිගේ මහතා අද (22) නියෝග කළේය.
2010 වර්ෂයේ සැප්තැම්බර් 19 වැනි දා හෝ ඒ ආසන්න දිනයක දී පුත්තලම අධිකරණ බල සීමාවේ පිහිටි කොට්ටුකච්චිය පදිංචිව සිටි දීකිරි කෑ ජයමහ මුදියන්සේලාගේ ශ්‍රීමතී අනුරුදුධිකා (29) යන අය මරණය සිදු කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ මෙම තැනැත්තා දඬුවම් ලැබිය යුතු මීනීමැරීමේ වරදක් සිදු කළ බවට කරුණු අනාවරණය වී ඇති නිසා මෙම මරණ දඬුවම නියම කළේය.
මෙලෙස මරණ දඩුවම නියම වුයේ කොට්ටුකච්චිය කිවුල අංක 04 පදිංචිව සිටි මුතුකුඩ ආරච්චිලාගේ අබේසුන්දර (68) යන අයට වේ.