රාජ්‍ය සම්මානලාභී නවකතාකරුවකු, ග්‍රන්ථ පරිවර්තකයකු වන සෝමසිරි ලියනගේ මහතා අභාවප්‍රාප්ත විය.
කලාභූෂණ සම්මානලාභී ලියනගේ මහතා විසින් රචිත ‘කලෙකින් ගණදුරු දුරුවී යන්නේ‘ නවකතාව 2006 වසරේදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබිණි.
අර්නස්ට් චේ ගුවේරා ( පූර්ණ විප්ලවවාදියකුගේ ජීවිත කතාව), වන උයනේ අබිරහස් දඩයම, සියම් ජනකතා, සිටුවර මොන්ත ක්‍රිස්තෝ වැනි ග්‍රන්ථ රැසක්ද ඔහු අතින් පරිවර්තනය විය.
මිය යන විට 71 වැනි වියේ පසුවූ සෝමසිරි ලියනගේ මහතා කලකට පෙර දුලබ රෝගයකින් පෙළුණේය. ඒ මහතාගේ දේහය අංක 60/24, සුචරිත මාවත, සිද්ධමුල්ල, පිළියන්දල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 12 වැනි බදාදා දින කලල්ගොඩ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

