අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් බව කියන පිරිස හෝ පුද්ගලයා කවුදැයි හඳුනා ගන්නට හැකිවී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියට දැනුම් දුන්නේය.
පරීක්ෂණ පවත්වාගෙන යන බවත් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවත් පොලීසිය උසාවියට දැන්වීය.
පසුගිය ඔක්තෝබර් හත්වැනිදා ගල්කිස්සේ දී මේ ප්‍රහාරය එල්ල විය.

