ලොව දිගම දවස ගුරුදා


අද මධ්‍යම රාත්‍රියේ දී ලෝකයේ වෙලාවට වැඩිපුර තත්පරයක් එක්කිරීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය තීරණය කැර ඇත.  පෘථිවිය තමන් වටා එක් භ්‍රමණ වාරයක් හෙවත් දිනක් සම්පූර්ණ කිරීමට දිනකට තත්ත්පර 86,400ක් ගතකරන බව සම්මුතිය වුව ද ඒ සඳහා ගත වන සත්‍ය කාලය වන්නේ තත්ත්පර 86,400.02 කි.

ඒ අනුව වරින් වර මේ දෝෂය නිවැරදි කිරීමට සිදුවෙයි. නාසා ආයතනය පවසන්නේ හිරුගේ හ සඳේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ක්‍රමයෙන් පෘථිවිය දිනක් සම්පූර්ණ කිරීමට ගත වන කාලය දිගුවෙමින් යන බවයි.

මෙලෙස ලෝකයේ වේලාව නිවැරදි කිරීමේ ආරම්භය සිදුවූයේ 1972 වර්ෂයේ දි ය. ඒ අනුව අවසන්වරට තත්ත්පරයක් ඔරලෝසුවට එක්කිරීම 2012 වර්ෂයේ දී සිදුකැරිණි. අද සිදුකරන වෙනස 2000 වර්ෂයෙන් පසු සිදුකරන හතරවැනි වෙනසයි.

මේ වෙනස සිදුකරන්නේ අද මධ්‍යම රාත්‍රියේ දී 12.59.59 ට පසු 12.59.60 ලෙස සටහන් කර ඉන් අනතුරුව 00.00.00 ලෙස ගණනය ආරම්භ කරමිනි.