ලෙස්ටර්ගේ සම්මානය කඩුවෙල-කොල්ලුපිටිය බසයකින් හමු වෙයි


(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඉන්දිකා රාමනායක)

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි අතුරුදන් වු "රණ මයුර"සම්මානය කඩුවෙල කොල්ලුපිටිය බසයක තිබි අද (05) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි.
ඉකුත් (02)දා එතුමාගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර නිවසේ පැවැති ආගමික වතාවත් අතුරතුරදී මෙම සම්මානය කිසියම් පුද්ගලයකු සොරාගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී  අතුරුදන් වු සම්මානය මාර්ග අංක  177 කඩුවෙල -කොල්ලුපිටිය බසයක ඇති බවට ලැබුණු තොරතුරු අනුව එම ස්ථානයට ගිය  කොල්ලුපිටිය පොලිසිය  සම්මානය පොලිස් බාරයට ගෙන තිබේ.

බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා මේ සම්බන්ධයෙන්  තොරතුරු ලබා දුන් බව පොලීසිය සඳහන් කළේය.

සොයාගත් මෙම සම්මානය නිවසින් අතුරුදන්වු සම්මානය බව ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ බිරිඳ සුමිත්‍රා පීරීස් මහත්මිය හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.  


සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.