ලෙස්ටර්ගේ සම්මානය සොරාගත් 6 දෙනා අධිකරණයට


(මනෝප්‍රිය ගුණසේකර )

සිනමාවේදී ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ අවමඟුල් උත්සවයට  පෙර  නිවසේ පැවැති ආගමික වතාවත් සිදුවන අවස්ථාවේදී ඒ මහතාගේ ‘රණ මයුර‘ සම්මානය  සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් හයදෙනා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු මොහොතකට පෙර  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණට රැගෙන ආවේය.

ඔවුන්ගේ  මුහුණු  සම්පූර්ණයෙන්ම  ආවරණය කර   අධිකරණයට රැගෙන  ඒමට  බම්බලපිටිය පොලීසිය කටයුතු කර තිබිණි.

ඡායාරූප - ළහිරු හර්ෂණ