
ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවන්ත පිපිරීමෙන් මියගිය ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇත.
පිපිරීමෙන් නගරයට දැවන්ත හානියක් සිදුව තිබෙන අතර නොසැලකිල්ල හේතුවෙන් පිපිරීම සිදුව ඇතැයි විමර්ශකයෝ පෙන්වාදෙති.
බීරූට් වරායේ ගබඩා සංකීර්ණයක සිදු වූ මෙම පිපිරීමෙන් 4,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර නගරයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට දැඩි හානි සිදුව තිබේ. මෙම පිපිරීමෙන් සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලි පවා විනාශයට පත්ව ඇත. ගොඩනැගිලිවල ජනේල වීදුරු, ලී බඩු ආදියට පවා පිපිරීමෙන් දැඩි හානි සිදුව තිබේ.
බීරූට් වරායේ ඇමෝනියම් නයිට්ටේ්‍රට් රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ සංකීර්ණයක් මෙලෙස පුපුරා ගියේය. පොහොර වශයෙන් පමණක් නොව, පුපුරණ ද්‍රව්‍ය වශයෙන් ද ඇමෝනියම් නයිට්ටේ්‍රට් භාවිත කෙරේ. වරායේ ගබඩාවක ගොඩ ගසා තිබුණු ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය 2013 දී ගබඩාව වෙත ගෙනැවිත් තිබේ.
ඇමෝනියම් නයිට්ටේ්‍රට් අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබුණු නැවක් ලෙබනන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වීමෙන් පසු එලෙස වරාය වෙත ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය ගෙනැවිත් තිබේ. අනාරක්ෂිත තත්ත්ව යටතේ එම ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය ගබඩා කර තිබී ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.
ලෙබනන අගනුවර සිදු වූ දැවැන්තම පිපිරීම මෙය යැයි ද පැවසේ. මීට දශක තුනකට පෙර අවසන් වූ සිවිල් යුද්ධයෙන් තවමත් ලෙබනනය බැට කන අතර දැවැන්ත ආර්ථික අර්බුදයකට ද මුහුණ පා සිටී. මේ වනවිට නව කොරෝනා වයිරසය හේතුවෙන් ද ලෙබනන ගැටලු රැසකට මුහුණ පා ඇත. මෙම පිපිරීමේ බලපෑම කිලෝමීටර 160ක් ඈතින් පිහිටි සයිප්‍රසයට ද දැනී ඇත.
ආරක්ෂක අංශ භාරයට පත්වීමෙන් අනතුරුව ඇමෝනියම් නයිටේ්‍රට් ටොන් 2,750ක් අනාරක්ෂිතව වරායේ ස්ථානයක ගබඩා කර තිබී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෙබනන ජනාධිපති මිචෙල් ඔවුන් පැවැසීය. ඇමෝනියම් නයිටේ්‍රට් පොහොර නිෂ්පාදනයට මෙන්ම බෝම්බ නිෂ්පාදනයට ද යොදාගැනේ.
ලෙබනන ජනාධිපතිවරයා විශේෂ කැබිනට් හමුවක් ද කැඳවා තිබූ අතර ජාතිය ද ඇමතීය. “මේ පිපිරීම සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විමර්ශනයක් කරනවා. ඒ වගේම වගකිව යුතු පිරිස්වලට එරෙහිව ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ජනාධිපතිවරයා කීය.
පිපිරීම සම්බන්ධයෙන් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර “ක්‍රියාමාර්ග නොගැනීම සහ නොසැලකිල්ල” හේතුවෙන් පිපිරීම සිදු වී ඇති බව එම විමර්ශනවලින් අනාවරණය වී ඇත. උපද්‍රව සහිත එම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු නොකිරීම මෙම පිපිරීමට ප්‍රධාන හේතුව බව එම විමර්ශනවලට සම්බන්ධ කමිටු නිලධාරීන් සහ විනිසුරුවරුන් පෙන්වා දී ඇත.
2014 වසරේ සිට ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය ගබඩා කිරීමට සහ ආරක්ෂා කිරීමට අදාළ බලධාරීන් සහ නිලධාරීන් සියලු දෙනා නිවාඩ අඩස්සියට පත් කරන්නැයි ද ඉහළ පෙළේ බලධාරීන් උපදෙස් දී ඇති බව ලෙබනන් ආරංචි මාර්ග සඳහන් කරයි.
රොයිටර්
055


