ලෙබනනයට ගිය ගෘහසේවිකාව ගැන තොරතුරු සොයයි


විනීතා එම් ගමගේ
 
ලෙබනනයේ ගෘහසේවිකා රැකියාවක් සඳහා ගොස් සිටියදී කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වී ඇති කාන්තාවක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට කාර්යංශය ජනතා සහය පතයි.


රඹුක්කන කොටුවැල්ලේ පදිංචිව සිටි වනසිංහ ආරච්චිගේ රේණුකා වනසිංහ කාන්තාව පිළිබඳව මෙසේ තොරතුරු අවශ්‍යව ඇතැයි කාර්යංශය කියයි. 


මෙම කාන්තාව රැකියාවක් සඳහා 2005 වසරේ ජනවාරි 8 වැනි දා ලෙබනනය බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට නිවසියන් සමඟ සම්බන්ධතා පවත්වා ඇත්තේ වසරකට ආසන්න කාලයක් පමණි. 


ඉන් පසුව ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් ලැබී නැතැයි ඥාතීන් කාර්යංශයට කළ පැමිණිල්ලේ සඳහන් වේ.


ඇය පිළිබඳ යම් තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864100 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස කාර්යංශය ඉල්ලීමක් කරයි.