පෞද්ගලික රෝහල්වල නතරවී ප්‍රතිකාර ලබන රෝගීනට සවිස්තරාත්මක බිල් ලබන නොවැම්බර් 1 වැනිදා සිට නිකුත් කරන ලෙස පාරිබෝගික අධිකාරිය නියෝග කරයි.
එසේ නොකරන රෝහල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි පාරිබෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා පවසයි.
බෙහෙත් සපයන වෛද්‍ය සේවා හා බෙහෙත් ඇතුළු සියලු දෑ අඩංගු සවිස්තරාත්මක බිල් ලබාගැනීම රෝගීන්ගේ අයිතියක් බවද ඔහු කියයි.

