ලෙඩාගේ පෙත්සමට විරෝධතාවට ඉඩ


පසුගිය නොවැම්බර 26, 27 දිනයන්හි අතුරු වෛද්‍ය සේවකයන් පැවැත්වූ වැඩවර්ජනයට තහනම් කරමින් අතුරු නියෝගයක් ගත් හදවත් රෝගියාගේ පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට වෘත්තීය සමිති දහයකට කොළඹ දිසා අධිකරණය අද අවසර දුන්නේය.

ජනවාරි 20 වැනි දා දක්වා විරෝධතා ගොනු කිරීමට ඔවුනට ඉඩ ලැබිණි.