ලෙඩ සුව වී ආගම මාරු කරයි
මක්කමෙන් ගෙනා ශුද්ධ වූ සම්සම් ජලය පානය කිරීමෙන් තම අපස්මාරය සුව වූ බව කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඉස්ලාම් ආගම වැළැඳ ගත් බව සෞදි අරාබියේ පුවත්පතක් පවසයි
එම ජලය හැකි තරම් බොන ලෙස හාමු පාතා පැවසූ බවත්, දෙසතියක් තිස්සේම ජලය බිව් බවත්, දැන් ඇගේ අපස්මාරය සුව වී ඇතැයි වෛද්‍ය වරු පැවසූ බවත්, පහලොස් අවුරුද්දක් තිස්සේ ඇය එම රෝගයෙන් පෙළුනු බවත් එම සෞදි පුවත්පත කියයි.
වයඹ දිග සෞදි අරාබියේ හයිල් නගරයේ පදිංචි රාජු නම් මෙම සේවිකාව ෆරීඩා යනුවෙන් නම ද වෙනස් කැර ඇත.

