යුද සමයේ සටන් බිමේ සෘජු දායකත්වය සැපයූ රණවිරුවන් විවිධ චෝදනා පිළිබඳ පරීක්ෂණ වලට ලක්වන අවස්ථාවලදි නීති සහන ලබාදීමට පිවිතුරු හෙළ උරුමය "රණවිරු නොමිලේ සහන පදනම" නමින් නීති සහන සේවාවක් අරඹා ඇතැයි එහි සංවිධායක ලේකම් තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
විවිධ චෝදනා මත රණවිරුවන් දැනටමත් අධිකරණ ඉදිරියට කැදවා ඇති අතර ඉදිරියේදිත් මෙසේ රණවිරුවන්ට චෝදනා නැගෙනු ඇතැයි ද ඒ අනතුරට මුහුණ දීමට මෙම නීතිඥ සේවාව ඇරඹූ බව ද දිසානායක මහතා පැවසුවේය.
ඉදිරියේ දී එසේ කැඳවීම් ලැබුණ හොත් වහාම රණවිරු නීති සහන පදනම අමතන ලෙස ද දිසානායක මහතා ඉල්ලා සිටියේය.
එම පදනම පිටකෝට්ටේ පාගොඩ පාරේ අංක 133A දරන ස්ථානයේ පිහිටා ඇති අතර එහි දුරකථනය 0113357666 වේ. ෆැක්ස් අංකය 0112820050 බවද ඔහු කීවේය.

