ලෙඩ නොවි ඉන්න හැටි කියයි


ආයුර්වේදය ජනතාව අතරට ගෙනයාමේ  ප්‍රයත්නයක්  ලෙස යහපත්  සෞඛ්‍ය  පැවැත්මක්  උදෙසා  දායකවන ආයුර්වේද ජීවන දර්ශනය හඳුන්වා  දීමක්  ජංගම ආයුර්වේද සායන රාජ්‍ය  හා පෞද්ගලික ආයතනයන් හි පැවැත්විමටත්  ක්‍රියාකරන ගෙන යන බව බොරැල්ල  ආයුර්වේද  ශික්ෂණ රෝහලේ  අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  ඩී.එම්.තෙන්නකෝන්  මහතා  පැවසීය.

ආයුර්වේද සායන තම ආයතනයේ  පැවැත්විමට  කැමැත්තක්  දක්වන ආයතන 2694637  / 2695755 දුරකථන අංක ඔස්සේ  අධ්‍යක්ෂකවරයා  කාර්යාල වේලාවේදී ඇමැතීමෙන් විස්තර  දැන ගැනීමට  පිළිවන.

සෞඛ්‍ය  සහ දේශිය වෛද්‍ය  ඇමැති  දොස්තර  රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මේ සායන  ක්‍රියාවට  නැංවෙයි.