කොළඹ ලුම්බිණි මහා විද්‍යාලය සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර බී. අර්. සී. කී‍්‍රඩාංගනයේදී පැවති අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි දිනයේදී කී‍්‍රඩාංගණය තෙත බරිතව පැවතීම හේතුවෙන් තරගය තරමක් ප‍්‍රමාද වී ආරම්භ කෙරිණ.
පන්දු යැවීමේදී දස්කම් දැක්වූ ලුම්බිණි මධ්‍ය මහා විද්‍යාලයේ තරුශාන් ඉද්දමල්ගොඩ ලකුණු 21 කට කඩුලු 5 ක් සහ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ නිමේෂ මෙන්ඩිස් ලකුණු 7 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූහ.
ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය - පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී 123
(සුමේධ දිසානායක 38, හංසමාල් පෙරේරා 27, මලිත් පේ‍්‍රමතිලක 22, තරුශාන් ඉද්දමල්ගොඩ 21/5)
ලූම්බිණි මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී 20
(නිමේෂ් මෙන්ඩිස් 7/4)

