ලූනු ගොවියෝ සතුටින්


ආනයනික ලොකු ලූනු සඳහා රජය කිලෝවකට  රු 20ක අමතර බද්දක් පැනවීමත් සමග මෙරට ලූනු මිල ඉහළ ගොස් ඇතැයි ගොවීහු කියති. ඒ අනුව මෙතෙක් දඹුල්ල වෙළඳපලේ රුපියල් 30 ත් 45 ත් අතර මිලකට අලෙවි වූ දේශීය ලූනු කිලෝව අද (23) සිට රුපියල් 80 ත් 90 ත් මිලකට අලෙවි වේ.

එමගින් තම අස්වනුවලට සාධාරණ මිලක් ඇතිවූ බවද ගොවීහු පවසති.

විදේශ රටවලින් ලොකු ලූනු ආනයනය නිසා දේශීය ලොකු ලූනු මිල විශාල වශයෙන් පහත වැටි තිබූ බවත් මේ පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවූ තැන තමන්ට සිදුව ඇති පාඩුව ජනමාධ්‍ය මගින් රජයේ අවධානය යොමු කළ බවත් ගොවීහු සඳහන් කළහ.

onion_20159232 onion_201592323 onion_201592324