ලුණුවිල පාලමෙන් වතුරට වැටුණු තරුණයකු අතුරුදන්



 
( චන්දන ප්‍රනාන්දු  හා  ට්‍රික්ෂි කොන්ස්ටන්)
 
වෙන්නප්පුව ලුණුවිල මාර්ගයේ ලුණුවිල පාලමෙන් ගංවතුර බලමින් සිටි තරුණයකු අද (22)  පාලමෙන් වතුරට වැටී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව  ඇත්තේ ලුණුවිල පීරිස් වත්තේ පදිංචි රතුගමගේ මධුෂ ලක්ෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙකි.                                            
 
ගිංඔයේ ජලය ගලායන ආකාරය ලුණුවිල පාලම උඩ සිට බලමින් සිටි පුද්ගලයෙක් එක්වරම වතුරට වැටී  අතුරුදන්වු බව ඒ අසල සිටි ළමුන් දැක තිබෙන බව පොලිසිය කීය.                                       
 
මෙම පුද්ගලයා ගිංඔයට පැන්නාද එසේත් නැතිනම් සමබරතාව ගිලිහි පාලමෙන් වතුරට වැටුනාද යන්න සොයා බලන බව පොලිසිය පැවසීය.වතුරට වැටුණු තරුණයා ඒ අසල සිටි ළමයි දෙදෙනෙකුට ඔහුගේ ජංගම දුරකතනයද ලබාදී ඇති බව පොලිසිය කීය.