
(ප්‍රසාද් රුක්මල් )
ලුණුගලගම කන්ද රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් මුලුමනින්ම විනාශවී ගොස් අධිබලැති වෝල්ට් 33000ක විදුලි කණු දෙකක් ගින්නෙන් පිළිස්සී විනාශ වී ගොස් ලුණුගලගම ගම්මානය අවට ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇතැයි ලුණුගල පොලිසිය අද (20) පැවසීය .
ගින්නට හසු ව අධිබලැති වෝල්ට් 33000ක විදුලි රැහන් පද්ධතිය ඇද තිබූ ලී කනු දෙකක් මෙසේ පිලිස්සී කැඩී ගොස් ඇති බවත් එම විදුලි රැහන් පද්ධතියටද අලාභහානි වී ඇතැයි ලුණුගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත කුමාර චන්ද්‍රසේකර මහතා සදහන් කළේය .


