ලුණුගම්වෙහෙර තහනම් කලාපයේ වෙඩි තැබීමක්?


කතරගම ලුණුගම්වෙහෙර නිල්මැණික්  ඉල්ලම් මතු වූ පාර පැත්තේ වෙඩි තැබීමක් ගැන ආරංචියක් ලැබී ඇති බවත් ඒ ගැන සොයා බලන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම පෙදෙස උසාවි නියෝගයකින් තහනම් කලාපයක් කැර ඇත.