ලීටර 18 ගෑස් සිලින්ඩරයට ගැසට්ටුවක් නිකුත් වෙයි


(යොහාන් භාසුර)

ලීටර 18 (කිලෝ 9.6) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (25) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

එම ගැසට් නිවේදනයෙන් ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් එක් එක් දිස්ත්‍රික්කවල අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නිවේදනය කර තිබේ.

එම ගෑස් සිලින්ඩරය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රුපියල් 1150 කට ද, කළුතර දිස්ත්‍රික්කයේ රුපියල් 1158 කට ද, අළෙවි කළ හැකි බවයි.

ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් යාපනය දිස්ත්‍රික්කයේ රුපියල් 1259 කට අළෙවි කළ හැකි අතර එය එම ගෑස් සිලින්ඩරය අළෙවි කළ හැකි උපරිම මිල වේ.