පොලිස් නිලධරයකුට එරෙහිව සාක්කි වශයෙන් ගෙන ආ බව කියන ලියැවිලි ඇතුළත් බෑගයක් වැලිවේරිය පොලිසියේ දී නැතිවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි කළත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව කියමින් ගම්පහ වැසියෙක් ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයට පැමිණිලි කළේය.
පොලිසියේ තිබූ බෑගය රැගෙන යනු දුටු කිහිප දෙනකු ඒ ගැන පොලිසියට කීවත් එය නොසලකා හැර ඇතැයි ද, මේ වන තෙක් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැතැයි ද එම පුද්ගලයා කියයි.
මේ ගැන කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය පැවසුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු මගින් මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් දී ඇති බවයි.

