සමන් පාලිත නානයක්කාර
හපුතලේ ලිප්ටන් අසපුව හි දී අද (25) සිදු වු රිය අනතුරකින් ජර්මන් ජාතික යුවලක් තුවාල ලබා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
මෙම යුවල රැගත් වෑන් රථය හපුතලේ දඹේතැන්න ලිප්ටන් සීට් පටු මාර්ගයේ ධාවනය වෙමින් තිබිය දී පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලී අනතුර සිදුවී තිබේ. විදේශිය යුවල 42 හා 47 වැනි වියේ පසුවෙති.

