ලිට්රෝ සභාපතිගේ වැඩ තහනම්


(මහින්ද නිශ්ශංක)

තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළුවී රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි අත්අඩංගුවට ගනු ලැබ සිටින ලිට්රෝ ගෑස් සමාගමේ මෙරට සභාපති ශලීල මුණසිංහ ගේ වැඩ තහනම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත එසේ වැඩතහනම් කරනු ලැබ ඇත.